Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

HIT COUNTER
conter12
EASY LOGING
DIVISIONAL SECRETARY

sir.gif - 38.47 Kb

බී එස් ජී රුවන්සිරි

ප්‍රාදේශීය මහලේකම්

ගොඩකවෙල

I am online
We have 25 guests online
වැදගත් ලිපි
අමිල දිය බිඳුව සුරකිමු පණ මෙන්

අමිල දිය බිඳුව සුරකිමු පණ මෙන්



ජලයේ වටිනාකම් ඔබේ දරුවන්ට කියා දෙන්න.  ජලය නම් සීමිත සම්පත දූෂණය කරන තරමටම අපගේ විනාශය ද ඉක්‌මන් කරගන්නා බව තේරුම් ගැනීම වැඩදායකය.
අද තවමත් සීමිතව ජල සම්පත ඉතිරිව ඇත. සිතන්න, ඒ රැකීම සඳහා ඉදිරිපත්වන්න පෙරට එන්න.ජලයෙන් බිහිවූ, ජලයෙන් පෝෂණය වන ඔබේ දරුවා හෙට දවසේ ජල බින්දුව අම්මා මෙන් රකින, පෙර රජ දරුවන් මෙන් ජල වික්‍රම පාන, අභීත මිනිසකු බවට පත් කිරීමට අතීතයෙන් පාඩම් උගෙන වටහා දීම ඔබෙත් මගේත් පරම යුතුකම වේ...

Home News & Events වනාන්තර ජෛවවිවිධත්වය සුරැකීම

කාලීන පුවත් හා තොරතුරු...

වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ලියාපදිංචිය සදහා...

 

වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ලියාපදිංචිය සදහා...

වනාන්තර ජෛවවිවිධත්වය සුරැකීම

වනාන්තර ජෛවවිවිධත්වය සුරැකීම

සැම වසරක ම මැයි 22 දිනට ජාත්‍යන්තර ජෛවවිවිධත්ව දිනය යෙදෙන බැව් අපි දනිමු. ඒ ඒ වසරවලට අනුව යම් තේමාවක්‌ මුල් කරගෙන ලොව සැම රටක්‌ ම ශ්‍රී ලංකාව ඇතුළුව විශේෂයෙන් ජෛවවිවිධත්වයෙන් පොහොසත් රටවල් විසින් ඒ ඒ තේමාවට අනුව අදහස්‌ දැක්‌වීමක්‌ කරනු ලබයි. මේ වසරේ එනම් වසර 2011 මැයි 22ට යෙදුණු ජෛවවිවිධත්ව දිනයට වෙන් වූ තේමාව වූයේ වනාන්තර ජෛවවිවිධත්වය (Forest Biodiversity) යන්න වෙයි.

වනාන්තරයක තිබෙන අසිරිමත් බව හා එහි වටිනාකම පිළිබඳව අවබෝධ කරගෙන ලෝක සත්ත්වයාට ඒ ගැන මුල් යුගයේ දී ම කියා දුන් උතුමකු ලෙස මේ වෙසක්‌ සමයේ ශ්‍රී ගෞතම බුදුරජාණන්වහන්සේ භක්‌ත්‍යාදරයෙන් සිහිපත් කර සිටීම අප ගේ යුතුකමක්‌ වෙයි. උන්වහන්සේ වන රෝපණය මහා පුණ්‍යකර්මයක්‌ ලෙස දේශනා කර ඇත. ලෝ වැසි නූතන විද්වතුන් ශීඝ්‍රයෙන් සිදු වන වන සංහාරය පිටුදැකීමට ගන්නා උත්සාහය පිළිබඳව විමසීමේ දී බුදුරජාණන් වහන්සේ විසින් එදා මේ අරභයා කරන ලද දේශනාවල වටිනාකම තවත් දැනෙයි.



ශ්‍රී ලංකාවේ වන සංරක්‍ෂණයේ ඉතිහාසය හා පසුබිම පිළිබඳව මහාවංශය, රාජරත්නාකරය වැනි ඵෙතිහාසික ග්‍රන්ථ සාක්‌ෂි දරයි. ක්‍රි.පූ. 543 දී විජය රජු ගේ සමය, ක්‍රි.පූ. 247-207 දක්‌වා වූ ගැමුණු රාජ සමය, ක්‍රි.ව. 1187-1196 දක්‌වා වූ ශ්‍රී නිස්‌සංකමල්ල රාජ සමය, ක්‍රි.ව. 1284-1310 දක්‌වා වූ මහා පරාක්‍රමබාහු රාජ සමය, ක්‍රි. ව. 1373-1406 දක්‌වා වූ බුවනෙකබාහු රාජ සමය වැනි පාලන කාල සීමා මෙහි ලා කැපී පෙනෙයි.

පසු කලෙක පැමිණි යටත්විජිත සමය පිළිබඳව විමසීමේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් උග්‍ර වන විනාශයක්‌ සිදු කර ඇති බැව් පෙනේ. ක්‍රි.ව. 1811 දී මෙරට කැළෑ පිළිබඳ අධිකාරී ලෙස සැමුවෙල් ඩැනියල් නම් ඉංග්‍රීසි ජාතිකයා කටයුතු කර ඇත. ඔහු ගේ රාජකාරීය වී ඇත්තේ ඉදිකිරීම් සඳහාත් අපනයනය කිරීම සඳහාත් කැළෑවලින් දැව සපයා ගැනීම ය. මේ නිසා ඉවක්‌ බවක්‌ නැති ව සුවිසල් වන විනාශයක්‌ සිදු වී ඇත. ක්‍රි.ව. 1835 දී මෙරට සිදු කළ කෝපි වගාව සඳහා කඳුකර කැළෑ අති විශාල ප්‍රමාණයක්‌ විනාශ විය. ක්‍රි.ව. 1848 දී රජයේ ඉඩම්වල දැව කපා ඉවත් කිරීම සඳහා අණපනත් පනවා තිබුණ ද දැව කෙන්ත්‍රාත් ක්‍රමය මෙරට වන ගහණයට මහත් විනාශයක්‌ ගෙන දුන් බව රහසක්‌ නො වේ.

ශ්‍රී ලංකාවේ වන ගහණයත් එහි සිදු වන වන සංහාරයේ ස්‌වභාවයත් විමසීමට පෙර ලෝක තත්ත්වය කෙසේ දැයි අපි විමසා බලමු. වනාන්තරයක්‌ යනු සුවිසල් ජෛවවිවිධත්වයක්‌ උරුම කරගත් ගොඩබිම පාදක කර පැවතෙන වටිනා පරිසර පද්ධතියකි. සංරක්‌ෂණයක්‌ ඇති ව තිරසාරව පරිහරණය කරන්නේ නම් වනාන්තර ගොඩබිම්වාසී සියලු ම සත්ත්වයන්ට මෙන්ම ශාකවලට රැකවරණය ගෙන දීමට හා ජීවත් වීමට මාර්ග පාදා දෙයි. කිසියම් අයුරකින් වනාන්තර විනාශය සිදු වන්නේ නම් එය සමස්‌ත ජෛවවිවිධත්වයේ ම විනාශයට හේතු වෙයි.

වන විනාශය නිසා අවදානමට ලක්‌ වූ හා ලක්‌ වන සත්ත්ව විශේෂ අතරට මිනිසා ද අයත් වෙයි. අනෙක්‌ සියලු ම ජීවීන් මෙන්ම මිනිසා ගේ මනා සෞඛ්‍ය සම්පන්න බව හා යහපත් ජීවන පැවැත්මටත් ආධාර දීමක්‌ මහා වනාන්තරය තුළින් සිදු කෙරේ. ජෛවවිවිධත්වයෙන් පොහොසත් වන බිමක්‌ ලෙස වනාන්තර මිල කළ නොහැකි ආර්ථික සම්පතක්‌ මෙන්ම සංස්‌කෘතික වටිනාකම් සඟවා ගත් සංරක්‍ෂණාගාරයක්‌ ද වෙයි.

මේ මහා පොළෝ තලයෙන් හෙක්‌ටයාර් බිලියන 4ක්‌ හෙවත් ප්‍රතිශතයක්‌ වශයෙන් ගත් කල සියයට 31ක්‌ වන ගහණයට අයත් වෙයි. ලොව ජනගහණයෙන් බිලියන 1.6කටත් වඩා වැඩි ප්‍රමාණයක්‌ වනාන්තර නිසා ජීවත් වෙති. මෙයින් සියයට 80ක්‌ වැනි ප්‍රතිශතයක ජනතාවක්‌ සම්බන්ධ වන්නේ සංවර්ධනය වෙමින් පවතින ඝර්මකලාපීය වනාන්තරවලට ය.

ඇමසන් වැසි වනාන්තරය

ලොව තිබෙන වනාන්තර අතරින් සුවිසල් වන ගහණයක්‌ ඇමසන් වැසි වනාන්තරයට අයත් වෙයි. හෙක්‌ටයාර් මිලියන 800ක්‌ හෙවත් වර්ග කිලෝමීටර් 5500000ක හෙවත් වර්ග සැතපුම් 2123562ක විශාලත්වයක්‌ ඇති ඇමසන් වැසි වනාන්තරය, බ්‍රසීලය පීරු, කොලම්බියා, වෙනිසියුලා, ඉක්‌වදෝරය, බොලිවියාව, ගයනා, සුරිනාම් සහ ප්‍රංශ ගයනාව යන රටවල් 9ක්‌ හරහා විසිරී ඇත. ගොඩබිම වෙසෙන ජෛව විශේෂවලින් සියයට 25ක ම පමණ ප්‍රතිශතයක්‌ ඇමසන් වැසි වනාන්තරයට අයත් වෙයි. අවම වශයෙන් ශාක විශේෂ 40000ක්‌, පක්‍ෂි විශේෂ 1294ක්‌, ක්‍ෂීරපායි විශේෂ 427ක්‌, උභය ජීවීන් විශේෂ 428ක්‌ සහ උරග විශේෂ 378ක්‌ වැනි වටිනා ජෛවවිවිධත්වයකට ඇමසන් වනාන්තරය හිමිකම් කියයි. වසර 2001 දී කරන ලද අධ්‍යයනයකට අනුව වර්ග කිලෝමීටර් 1ක හෙවත් අක්‌කර 247ක ප්‍රමාණයක විශේෂ දහස්‌ ගණනක මහා ශාක සහ වෙනත් ශාක විශේෂ දහස්‌ ගණනක්‌ ද වෙයි. මෙහි ඇති ශාක විශේෂ 438000ක්‌ ආර්ථික හා සමාජීය වශයෙන් වටිනාකමකින් යුතු වෙයි. පොදුවේ ගත් කල ලොව පුරා තිබෙන මුළු වන වැස්‌මෙන් සියයට 53ක ප්‍රතිශතයක්‌ ඇමසන් වැසි වනාන්තරයට අයත් වෙයි. එබැවින් ඇමසන් වනාන්තරය පමණක්‌ වසරක්‌ පාසා ජල වාෂ්ප ටොන් ටි්‍රලියන 8ක්‌ වායුගෝලයට නිදහස්‌ කරන බැව් අනාවරණය වී ඇත.

කොන්ගෝ වැසි වනාන්තරය

ලොව තිබෙන ප්‍රධාන ඝර්මකලාපීය වනාත්තරයක්‌ වන කොන්ගෝ වැසි වනාන්තරය අප්‍රිකානු මහාද්වීපය ඇසුරු කොට ව්‍යාප්ත වී ඇත. මිලියන 400කට වඩා වැඩි හෙක්‌ටයාර ප්‍රමාණයක්‌ ආවරණය කරන කොන්ගෝ වනාන්තරය ඇමසන් වනාන්තරය හා සමාන නො වූවත් එවැනි සුවිශේෂී ජෛවවිවිධත්වයකට හිමිකම් කියයි.

සිංහරාජය

ලෝක තත්ත්වයෙන් විමසන විට ඇමසන් හා කොන්ගෝ වැසි වනාන්තර වැදගත් වුවත් ශ්‍රී ලංකාව පිළිබඳව විමසීමේ දී ලොව අග්‍රගණ්‍ය ඝර්මකලාපීය වැසි වනාන්තරයක්‌ ලෙස සැලකෙන සිංහරාජ වැසි වනාන්තරය ද සුවිශේෂී තැනක්‌ ගනී. වර්ෂ 1988 ඔක්‌තෝබර් 21 වැනි දින අංක 528/14 දරන ගැසට්‌ පත්‍රයට අනුව ජාතික උරුමයක්‌ ලෙස ප්‍රකාශයට පත් කෙරුණු සිංහරාජ වැසි වනාන්තරය හෙක්‌ටයාර් 11187ක වර්ග ප්‍රමාණයකින් යුක්‌ත ය. මේ වනාන්තරය ශාක හා සත්ත්ව විවිධත්වය අතින් මෙන්ම ජල විද්‍යාත්මක වශයෙන් ද වැදගත් තැනක්‌ ගනී. අදින් වසර මිලියන 15කට පමණ පෙර එනම් ගොඩ්වානාලන්තය (Gondwanaland) නම් සුපිරි මහාද්වීප යුගය දක්‌වා වූ ඈත ඉතිහාසයකට හිමිකම් කියන සිංහරාජය ශ්‍රී ලංකාවේ සබරගමුව, දකුණු පළාත යන පළාත් දෙකටත්, ගාල්ල, මාතර, රත්නපුර යන දිස්‌ත්‍රික්‌ක 3ටත් අයත් වෙයි. නිවර්තන වැසි වනාන්තරයක්‌ ලෙස හැඳින්වෙන සිsංහරාජය ප්‍රාථමික වනාන්තරයකි. මෙහි ඇති සුවිශේෂි ලක්‌ෂණය වන්නේ මෙහි වැවෙන ශාක විශේෂවල පරිණාමීය ව්‍යqහය හා සංයුතිය නොවෙනස්‌ ව පැවතීම ය. දැනට ශ්‍රී ලංකාවෙන් වර්තා වන සපුෂ්ප ශාක විශේෂ 3365න් විශේෂ 830ක්‌ ශ්‍රී ලංකාවට ආවේනික වෙයි. මේ ශාක විශේෂ 830න් විශේෂ 495ක්‌ ම වාර්තා වන්නේ සිංහරාජයෙනි. එසේ ම ශ්‍රී ලංකාවට ආවේනික ශාක ගණ 25 අතරින් ගණ 13ක්‌ ම සිංහරාජයයෙන් හමු වීමත් මෙයින් ගණ 03ක්‌ සිංහරාජයට ආවේනික වීමත් විශේෂත්වයකි. සිංහරාජයෙන් හමු වන ශාක විශේෂ 375ක්‌ පමණ දැවමය වටිනාකමකින් යුක්‌ත වෙයි.

සත්ත්ව ප්‍රජාව

සත්ත්ව විශේෂ පිළිබඳව විමසීමේ දී ක්‍ෂීරපායි විශේෂ 40ක්‌ පමණ සිංහරාජයෙන් වාර්තා වන අතර මෙයින් විශේෂ 07ක්‌ ශ්‍රී ලංකාවට ආවේනික වෙයි. සංචාරක පක්‍ෂීන් හෙවත් පර්යටන පක්‍ෂීන් ඇතුළුව පක්‍ෂි විශේෂ 157ක්‌ පමණ වාර්තා වන සිංහරාජයේ පක්‍ෂි විශේෂ 25ක්‌ පමණ ශ්‍රී ලංකාවට ආවේනික වෙයි. උරග විශේෂ 43ක්‌ පමණ වාර්තා වන අතර මෙයින් විශේෂ 21ක්‌ ආවේනික වෙයි. දේශීය මත්ස්‍ය විශේෂ 20ක්‌ පමණ වාර්තා වන අතර මෙයින් විශේෂ 07ක්‌ ශ්‍රී ලංකාවට ආවේනික වෙයි. සිංහරාජයෙන් වාර්තා වන සමනළ විශේෂ සංඛ්‍යාව 65ක්‌ වන අතර ඉන් විශේෂ 21ක්‌ ආවේනික වෙයි.

අතීතයේ සිට මිනිසා ගේ අකාරුණික බලපෑම්වලට ලක්‌ වන සිංහරාජයේ අනවසර දැව හෙළිම් අදත් සිදු වෙයි. අනවසර හේන් එළිකිරීම් නිසා වටිනා ශාක ප්‍රජාවක්‌ හා සත්ත්ව ප්‍රජාවක්‌ අහිමි වී මුඩුබිම් බවට පත් වූ සරුබිම් අදත් සිංහරාජය තුළ දක්‌නට ලැබේ. වත්මන් රජය විසින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ගනු ලබන උත්සාහයේ අනිසි ප්‍රතිඵල සිංහරාජය වෙතට ද බලපා තිබෙන බැව් ඒ පිළිබඳව විමසන්නකුට පැහැදිලි වෙයි.

සිංහරාජය හැරුණු කොට කන්නෙලිය, දෙදියගල, නාකියාදෙනිය, යන වන සංකීර්ණය, පුංචි සිංහරාජය ලෙස සැලකෙන රූණකන්ද වනාන්තරය, රිටිගල, වික්‌ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ වැනි ශ්‍රී ලංකාවේ අනෙකුත් සරුසාර වනාන්තර බහුතරයක්‌ අද වන විට මිනිසා ගේ අනිසි බලපෑම්වලට ලක්‌ වීමෙන් විනාශය කරා ඇදී යන බැව් කිව යුතු ය. මෙයින් අනාවරණය වන කරුණක්‌ වන්නේ ලෝක තත්ත්වයෙන් සැලකෙන කල ඇමසන් සහ කොන්ගෝ වැනි වැසි වනාන්තරත්, ශ්‍රී ලංකාවේ සිංහරාජය හා අනෙකුත් ප්‍රාථමික වනාන්තරත් මිනිස්‌ ක්‍රියාකාරකම් හේතුවෙන් ක්‍ෂය වීමකට ලක්‌ වී ඇති බව ය. මෙය සමස්‌ත ශාක විවිධත්වයට පමණක්‌ නො ව සත්ත්ව විවිධත්වයටත් බරපතළ හානි ඇති කරන්නක්‌ වෙයි.

මේ සැම වනාන්තරයක්‌ ම මිනිසා ගේ දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය ප්‍රාථමික ඉන්ධනයක්‌ ලෙස සැලකෙන දැව ලබා දීමක්‌ සිදු කරයි. ලොව පුරා බිලියන 2.6ක ජනතාවක්‌ දෛනික ආහාර පිසීම් හා අනෙකුත් කටයුතු සඳහා වනාන්තරයෙන් ලබා ගන්නා දැව භාවිත කරති. විධිමත් සමීක්‍ෂණයක්‌ නො කළ ද ශ්‍රී ලංකාවේ වනාන්තරවල දැව ඉන්ධනයක්‌ ලෙස භාවිත කරන බහුතර ජනතාවක්‌ සිටින බැව් ද කිව යුතු වෙයි.

ලෝක බැංකු වාර්තාවලට අනුව ලොව පුරා වෙසෙන බිලියන 1.2ක්‌ පමණ වන දිළිඳු ජනතාවක ගෙන් සියයට 90ක්‌ පමණ ජනතාවක්‌ වනාන්තරවලින් යෑපෙන බැව් අනාවරණය වී ඇත. ලොව තිබෙන මුළු වන ගහණයෙන් සියයට 36ක්‌ ප්‍රාථමික වනන්තරවලට අයත් වෙයි. වසර 2000 සිට මේ දක්‌වා ප්‍රාථමික වනාන්තර හෙක්‌ටයාර මිලියන 40කටත් වැඩි ප්‍රමාණයක්‌ විවිධ කෘෂිකාර්මික කටයුතු නිසා විනාශ වී ගොස්‌ ඇත. වසර 1990 සිට වසර 2000 දක්‌වා වූ කාල පරාසය තුළ හායනය හේතුවෙන් අහිමි වූ වනාන්තර ප්‍රමාණය හෙක්‌ටයාර මිලියන 16කි. වසර 2000 සිට 2010 දක්‌වා වූ කාල පරාසය තුළ කෘෂිකාර්මික කටයුතු හා වෙනත් කටයුතු නිසා සිදු වූ හායනය හේතුවෙන් අහිමි වූ වනාන්තර ප්‍රමාණය හෙක්‌ටයාර් මිලියන 13ක්‌ පමණ වෙයි.

පොදුවේ ගත් කල ලොව තිබෙන වන ගහණයෙන් කෘෂිකර්මාන්තය නිසා සියයට 48ක්‌, ආර්ථික කෘෂිකර්මාන්තය නිසා සියයට 32ක්‌, දැව ලබාගැනීම නිසා සියයට 14ක්‌ සහ ඉන්ධන ලබා ගැනීම නිසා සියයට 5ක්‌ යනාදි වශයෙන් මේ වන විට ලොවට අහිමි වී ඇත. මෙසේ සිදු වන වන විනාශයන් සහ ඉන් ඇති වන කාලගුණ විපර්යාස හේතුවෙන් නියඟය ඇති වීමෙන් අධික සුළං රටා වර්ධනය වීමෙන් හා මිනිසා ගේ අධි පරිභෝජනයෙන් කාන්තාරීකරණය වේගවත් වීමක්‌ දක්‌නට ලැබේ. නිදසුන් ලෙස නයිජීරියාවේ පමණක්‌ වසරකට වර්ග කිලෝමීටර් 3510ක්‌ වැනි භූමි ප්‍රමාණයක්‌ කාන්තාරීකරණයට ලක්‌ වෙයි. ඇෆ්ගනිස්‌තානයේ හා පාකිස්‌තානයේ පමණක්‌ සියයට 80ක භූමි ප්‍රමාණයක්‌ කාන්තාරීකරණයට හා පාංශු ඛාදනයට ලක්‌ වේ යෑයි විද්වතුන් අනාවැකි පළ කර ඇත. රටක්‌ වශයෙන් කුඩා වුවත් සුවිසල් වන ගහණයක්‌ හිමි ශ්‍රී ලංකාවේ වන ගහණයට සිදු කරන දැඩි විනාශකාරී ක්‍රියා හේතුවෙන් මෙරට ද කාන්තාරීකරණයට ලක්‌ වනු ඇත් ද යන්න ගැන ද අවධානයක්‌ යොමු කළ යුතු ය.

ගෝලීය වශයෙන් බලන කල වර්ග කිලෝමීටර් මිලියන 8ක ප්‍රමාණයක හෙවත් ඕස්‌ට්‌්‍රලියාවේ විශාලත්වයට වඩා වැඩි ප්‍රමාණයක්‌ වූ වනාන්තර භූමි ප්‍රමාණයක තම තමන් ගේ පරිපාලනයට නතු වූ ග්‍රාමීය ජන කොටසක්‌ ජීවත් වෙති. මෙයින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 18කට සුවිසල් වන ගහණයක්‌ අයත් වන අතර මේ විශාලත්වය සමස්‌ත ලෝක වන ගහණයෙන් සියයට 22ක්‌ වැනි ප්‍රතිශතයකි. මෙහි ජනගහණය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බැවින් ඊට සමගාමීව වන ගහණයේ අඩු වීමක්‌ පෙන්නුම් කරයි. මෙසේ සිදු වන, වන ගහණයේ අඩු වීමට සමගාමීව ජෛවවිවිධත්වයේ අඩු වීමක්‌ ද සිදු වෙයි. මේ නිසා ජීවීන් වෙනුවෙන් ස්‌වාභාවික වන ගහණයක්‌ සහිත පරිසර පද්ධතියකින් සිදු වන සේවාවේ අඩු වීමක්‌ ද සිදු වෙයි. මෙය ජීවීන් ගේ පැවැත්මට බාධාවක්‌ වෙයි. බහුතර ජනතාව ගේ බඩවියත රැක දෙන කෘෂිකර්මාන්තය පිළිබඳව විමසීමේ දී කෘෂිකාර්මාන්තයට හානි කරන පළිබෝධ කෘමීන් මෙන්ම වෙනත් කෘමි විශේෂවල වර්ධනය වැඩි විය හැකි අතර ඊට සමගාමීව රෝගාබාධවල පැතිරීමක්‌ ද පෙන්නුම් කරනු ඇත. එසේම දේශගුණික කාලගුණික වෙනස්‌ වීම් බොහෝ විට ම සිදු වනු ඇත. දිගු කලක්‌ යැමේ දී වනයෙන් උරාගන්නා කාබන්ඩයොක්‌සයිඩ් වායුවේ අඩු වීමක්‌ ද පෙන්නුම් කරනු ඇත. ක්‍රමයෙන් සිදු වන වන හායනයෙන් ලැබෙන අවසන් ප්‍රතිපලය වන්නේ වනාන්තර ක්‍රමයෙන් සවනා තණ බිම් බවට පරිවර්තනය වීම ය. කාලගුණික හා දේශගුණික වෙනස්‌වීම්වලට බලපෑම් ඇති කරන බැවින් දේශීය ශාකවල ජාන වෙනස්‌ වීමක්‌ වෙන්ම වර්ධනයේ වෙනසක්‌ ද ඇති වෙයි. ආක්‍රමණික ජීවීන් ගේ පැමිණීම සිදු වන අතර සෘතු රටා වෙනස්‌ වීමක්‌ ද සිදු වනු ඇත. සෘතු රටා වෙනස්‌ වීම පරිසර පද්ධතිවල ක්‍රියාකාරීත්වය වෙනස්‌ වීමට ද හේතුවක්‌ වනු ඇත. මෙහි දී වනාන්තරයක්‌ පරිපාලනය කරනු ව්‍යqහ ලෙස සැලකෙන විශේෂ විවිධත්වයට සහ ජාන විවිධත්වයට බලපෑමක්‌ සිදු වනු ඇත. උෂ්ණත්වය වෙනස්‌ වීමට ඉතා දැඩි ලෙස සංවේදීතාවක්‌ දක්‌වන වනාන්තරවල, පරිසර උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 1කින් හෝ ඉහළ ගිය විට එහි සංයුතියේ මෙන්ම ක්‍රියාකාරීත්වයේ ද වෙනස හේතුවෙන් කෘමි විශේෂවල වේගවත් ව්‍යාප්තියක්‌ සිදු වෙයි. මහා පරිමාණයෙන් ඇති වන ලැව්ගිනි ද හටගනී. අවිධිමත් ලෙස ව්‍යාපාරික කටයුතු සඳහා ගස්‌ කපා ඉවත් කිරීමෙන් ඝර්ම කලාපීය වනාන්තරවල වෙසෙන ජීවීන්ට සිදු වන්නේ සුවිසල් හානියකි. උන් ගේ වඳ වී යැම වේගවත් වනු ඇත. වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ජීවීන් සදහට ම මිහිතලයෙන් වඳ වී යනු ඇත. වනාන්තර අහිමි වීම විශේෂයෙන් ප්‍රයිමේටාවන්, පක්‍ෂීන්, ක්‍ෂීරපායින්, උරගයන් වැනි සියලු ම සත්ත්ව විශේෂ වනාන්තර අහිමි වීමේ සහලක්‌ෂණය (Empty Forest Syndrome) නම් රෝගී තත්ත්වයට ගොදුරු වනු ඇත.

ශ්‍රී ලංකාවේ වනගහනය

ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය හෙක්‌ටයාර 1736628කි. මෙයින් හෙක්‌ටයාර් 142954ක්‌ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා හෙක්‌ටයාර් 314674ක්‌ වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙයි. පොදුවේ ගත් කල ශ්‍රී ලංකාවේ වනාන්තර වර්ග ප්‍රමාණය පිළිබඳව සැලකීමේ දී හෙක්‌ටයාර් 3100ක්‌ කඳුකර වනාන්තරවලට ද, හෙක්‌ටයාර් 65792ක්‌ උප කඳුකර වනාන්තරවලට ද, හෙක්‌ටයාර් 124340ක්‌ පහතරට වැසි වනාන්තරවලට ද, හෙක්‌ටයාර් 221977ක්‌ තෙත් මෝසම් වනාන්තරවලට ද, හෙක්‌ටයාර් 102744ක්‌ වියළි මෝසම් වනාන්තරවලට ද, හෙක්‌ටයාර් 18352ක්‌ ගංගාධාර වනාන්තරවලට ද, හෙක්‌ටයාර් 9530ක්‌ කඩොලාන වනාන්තරවලට ද අයත් වෙයි. (මේ අගයන් පර්යේෂණ වාර්තාවලට අනුව සුළු වශයෙන් වෙනස්‌ විය හැකි ය).

යටත්විජිත සමයේ ශ්‍රී ලංකාවේ වන ඝනත්වය සියයට 70කට අධික ප්‍රමාණයක්‌ පැවතිය ද අද වන විට විවිධ හේතූන් නිසා සියයට 20කටත් අඩු ප්‍රමාණයක්‌ දක්‌වා වන ඝනත්වය ක්‍ෂය වී ඇත. මෙසේ වනාන්තර ක්‍ෂය වීමට බලපෑ හා දැනුදු බලපාන හේතු කිහිපයක්‌ වෙයි. මේ හේතු අතර යටත් විජිත පාලන සමයේ දී තේ හා කෝපි වගාවන් ස්‌ථාපිත කිරීම සඳහා කළ වන විනාශය, නාගරීකරණය, විවිධ සංවර්ධන කටයුතු, අවිධිමත් ඉඩම් පරිහරණය, ආර්ථික වන වගා, කැළෑ ගිනි තැබීම් සහ සංරක්‍ෂණ ක්‍රියාවලියේ තිබෙන අඩුලුහුඬුතා වැනි හේතු ප්‍රධාන වෙයි. ගෙවී ගිය වසර 100 තුළ වන විනාශය නිසා මෙරටින් වඳ වී ගිය ශාක සහ සත්ත්ව විශේෂ පිළිබඳව තොරතුරු ලේඛනගත වී නැත. වන විනාශය ශාකවල වඳ වීමට පමණක්‌ ම හේතු නො වන අතර ඒ ආශ්‍රිතව ජීවත් වන ජීවීන් ගේ ජීවිත තර්ජනයට ද හේතුවක්‌ වෙයි. ගෙවුණු වසර 100 තුළ තෝරාගත් ශාක 1099ක්‌ අතරින් ශාක විශේෂ 72ක්‌ වඳ වී ගිය ශාක ලෙසට නම් කර ඇත. මේ ශාක විශේෂ අතරින් සියයට 60ක්‌ මෙරටට ආවේනික ශාක වෙයි.

වර්ෂ 1900 දී ශ්‍රී ලංකාවේ සමස්‌ත ගොඩබිම් වන ගහණය සියයට 70ක්‌ වුව ද වර්ෂ 1992 වාර්තාවලට අනුව මේ වන ගහණය සියයට 23.9 දක්‌වා අඩු වී ඇත. සමස්‌ත සමීක්‍ෂණ වාර්තාවලින් පෙන්වා දෙන අන්දමට වර්ෂ 1950 දී මෙරට තිබුණු ගොඩබිම් වන ගහණය සියයට 44ක්‌ වූ අතර වර්ෂ 1983 දී වන ගහණය සියයට 27 දක්‌වා පහළ බැස්‌සේ ය. වර්ෂ 1992 දී වන ගහණයේ ප්‍රතිශතය සියයට 23.9ක්‌ දක්‌වා අඩු විය. මේ අනුව වසරක්‌ පාසා ශ්‍රී ලංකාවට අහිමි වන, වන ගහණය හෙක්‌ටයාර 40000කට ආසන්න ය. ශ්‍රී ලංකාවේ වත්මන් ජනගහණය මිලියන 20කට ආසන්න ය. මෙසේ වැඩි වන ජනගහණයට අවශ්‍ය ආහාර සැපයීම සඳහා කෙරෙන කෘෂිකාර්මික ඉඩම් සංවර්ධනය, කර්මාන්ත බිහි කිරීම, යටිතල පහසුකම් සැපයීම හා මහා මාර්ග සංවර්ධනය වැනි කටයුතු සඳහා අවශ්‍ය භූමි ප්‍රමාණය වනාන්තර ආශ්‍රිතව ලබාගත් බැවින් රටට අහිමි වූ වන ගහණයන් හා ඒ ආශ්‍රිත ජෛවවිවිධත්වයන් සුළුපටු නැත. වත්මන් සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙන් ඉවත් වූ වන භූමි ප්‍රමාණය සුළු පටු නැත. ශ්‍රී ලංකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610කි. මේ වර්ග ප්‍රමාණය තුළ වෙසෙන ජනගහනයේ ඝනත්වය ගත් කල වර්ග කිලෝමීටරයට 314ක්‌ බැගින් බැව් පෙනේ. මේ නිසා මෙරටින් වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ශාක විශේෂ ගණන 675ක්‌ බැව් වසර 2007 රතු දත්ත පොත පෙන්වා දෙයි.

දිස්‌ත්‍රික්‌ක වශයෙන් ගත් කල අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ජනගහණ ඝනත්වය වර්ග කිලෝමීටරයකට 111කි. වඳ වී යැමට ලක්‌ වූ ශාක විශේෂ ගණන 68කි. වර්ග කිලෝමීටරයට 294ක ජනගහණ ඝනත්වයක්‌ තිබෙන බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ වඳ වී යැමට ලක්‌ වූ ශාක විශේෂ ගණන 90කි. වර්ග කිලෝමීටරයට 629ක ජනගහණ ඝනත්වයක්‌ ඇති ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ශාක විශේෂ ගණන 187කි. වර්ග කිලෝමීටරයට 704ක ජනගහණ ඝනත්වයක්‌ ඇති මහනුවර දිස්‌ත්‍රික්‌කයේ වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ශාක විශේෂ ගණන 310කි. කළුතර දිස්‌ත්‍රික්‌කයේ ජනගහණ ඝනත්වය වර්ග කිලෝමීටරයට 688ක්‌ වන අතර වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ශාක විශේෂ ගණන 126කි. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ජනගහණ ඝනත්වය වර්ග කිලෝමීටරයට 245ක්‌ වන අතර වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ශාක විශේෂ ගණන 264කි. කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ජනගහණ ඝනත්වය වර්ග කිලෝමීටරයට 3631ක්‌ වුවත් වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ශාක විශේෂ ගණන 22කට සීමා වී ඇත්තේ අඩු වන ගහණයක්‌ තිබෙන බැවිනි. මෙයින් පෙනී යන එක්‌ ප්‍රධාන කරුණක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ ජනගහණයේ වර්ධනයත් සමග ඊට අවශ්‍ය සම්පත් සපුරා ලීමට අනුරූපව වන ගහණයේ අඩු වීමක්‌ සිදු වන බවයි.

ආක්‍රමණික ආගන්තුක ශාක බලපෑම

ස්‌වාභාවික පරිසරයේ නිදහසේ වැවෙන ශාක ප්‍රජාව ඉවක්‌ බවක්‌ නැති ව විනාශ කිරීම හේතුවෙන් ආක්‍රමණශීලී ආගන්තුක ශාක බලපෑම් එම වන ගහණය වෙත ඇති වෙයි. ගොඩබිම හා ජලජ පරිසර පද්ධතිවල ජෛව සංයුතියේ හා ජෛව සංවිධානවල වෙනස්‌කම් ඇති කිරීමට ආගන්තුක ශාක විශේෂ සමත් වන අතර ම කාලාන්තරයක්‌ තුළ ඒ ඒ පරිසර පද්ධතිවල ජීවත් වූ ජෛව විශේෂ එනම් ශාක හා සත්ත්ව යන ජෛව විශේෂ ඔවුන් ගේ පරිසර පද්ධතියෙන් ඉවත් කිරීමට ද සමත් වෙයි. ශ්‍රී ලංකාවේ වන ගහණය නිරපරාදේ විනාශ කිරීම හේතුවෙන් මේ වන විට විවිධ බලපෑම් ඇති කිරීමට සමත් වී ඇති ආගන්තුක ශාක විශේෂ ගණන 38කි. මේ ශාක විශේෂ 38ට තෘණ විශේෂ 04ක්‌, වගාබිම්වල දැකිය හැකි යෝධ නිදිකුම්බා, පාතීනියම්, අරුණදේවි, කටු පතොක්‌ වැනි ශාක විශේෂ 11ක්‌, ජලජ පරිසරවල දියගෝවා, දිය හවරිය, කෙටල, සැල්වීනියා ශාක විශේෂ 7ක්‌, කැරැන්කොකු, කැකිල්ල වැනි මීවන විශේෂ 2ක්‌, වැල් නිදිකුම්බා සහ ලෝකපාලු වැනි වල් විශේෂ 2ක්‌ සහ ගල්ගොරක, ඉපිල් ඉපිල්, කට්‌ටකුමන්ජල්, වැලන්ටයින්, කලපු අන්දර වැනි ශාක විශේෂ 12ක්‌ ද අයත් වෙයි. මේ සැම ආක්‍රමණික ශාක විශේෂයක්‌ ම මෙරට පරිසර පද්ධතියට විවිධ බලපෑම් කිරීම හේතුවෙන් වන සත්ත්ව ප්‍රජාවට ආහාර හිඟතාවක්‌ ඇති කිරීමට හේතු වී ඇත. මෙයට ප්‍රධාන හේතුව මිනිසා විසින් උපාය මාර්ග භාවිත කර මහා වනාන්තර හා ළඳු කැළෑ විනාශ කරනු ලැබීමයි. මේ නිසා මෙරට පරිසර පද්ධති කෙරෙහි ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ ඇති කරන බලපෑම්වලින් වනාන්තර රැකගැනීම සඳහා ද මෙවර ජෛවවිවිධත්ව දිනයේ තේමාව වූ වනාන්තර ජෛවවිවිධත්වය යටතේ ක්‍රමෝපායන් යෙදිය යුතු ව ඇත.

වන හායනය හා අනෙකුත් පරිසර හානිකර තත්ත්ව හේතුවෙන් වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ජීවීන් පිළිබඳ ලෝක සංරක්‍ෂණ සංගමයේ වසර 2007 රතු දත්ත පොත වාර්තා අනුව දිස්‌ත්‍රික්‌ක වශයෙන් ගත් කල ජීවීන් සංඛ්‍යාව ඉහත වගුවෙන් පෙන්වයි. වැඩි තර්ජනයක්‌ ඇති දිස්‌ත්‍රික්‌ක වගුවේ දැක්‌වේ.

මේ වගුවෙ පිළිබඳව විමසීමේ දී පහතරට තෙත් කලාපයට අයත් ගාල්ල, මාතර, රත්නපුර, කළුතර, කෑගල්ල යන දිස්‌ත්‍රික්‌ක සහ මධ්‍යම කඳුකරයට අයත් මහනුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල යන දිස්‌ත්‍රික්‌කවල වන ජීවී විශේෂ වැඩියෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්‌ වී ඇති බවක්‌a දක්‌නට ලැබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ වනාන්තර වැඩි වශයෙන් දක්‌නට ලැබෙන දිස්‌ත්‍රික්‌කවල වෙසෙන ජෛව විශේෂ වඳ වී යැමේ වැඩි තර්ජනයකට ලක්‌ වී ඇති බැව් පෙනේ. මෙයින් පැහැදිලි වන කරුණක්‌ වන්නේ අනවසර වන හායන මේ දිස්‌ත්‍රික්‌කවල වැඩි වශයෙන් සිදු වන බවද එසේත් නැත හොත් වත්මන් සංවර්ධන කටයුතු මේ දිස්‌ත්‍රික්‌ක තුළ වැඩයෙන් සිදු වීම ද යන්න තවදුරටත් විමසා බැලිය යුතු ව ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වන හායනයත් ඊට සමගාමීව ජෛව විශේෂවල වඳ වීමත් සිදු වන බව නම් පැහැදිලි ය.

 
විශේෂ පුවත්...

මතින් නිදහස් රටක්

Image result for මතින් නිදහස් රටක්

“මතින් නිදහස් රටක්” ජාතික වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක “ගම හදා ගමු” ග්‍රාමිය වැඩසටහනේ පළමු  වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  පසුගිය  (23) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ දී  පැවැත්විණ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සියලු කටයුතු සිදු කෙරුණු අතර. ප්‍රජා පොලිස් කමිටුවල නියෝජිතයන් රැසක් ද ආරක්ෂක අංශවල මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද පාසල් ළමුන්ද මේ අවස්ථාවට සහභාගී විය

THEME CHENGER
tmpl_ds_web_12
locetion map
Divisional Secretariat Godakawela
Address: Pelmadulla - Embilipitiya Hwy, Godakawela

Hours:

Open ⋅ Closes 4:15PM

 

ඔබේ අදහස් අපට යොමුකරන්න...