Tamil-Sri LankaEnglish (United Kingdom)

Hot News

HIT COUNTER
conter12
EASY LOGING
DIVISIONAL SECRETARY

sir.gif - 38.47 Kb

බී එස් ජී රුවන්සිරි

ප්‍රාදේශීය මහලේකම්

ගොඩකවෙල

නවතම නිවේදන/ගැසට්

සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාතයාංශය

සබරගමුව පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී

ලංකා ගුරු සේවයට උපාධිධාරීන් හා ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන්

(සිංහල/දෛමළ මාධ්‍ය) බඳවා ගැනීතම් තරඟ විභාගය - 2018.

සබරගමුව පළාතේ පළාත් සභාවට අයත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I(අ) ශ්‍රේණියට උපාධිධාරීන් සහ 3-I(ඇ) ශ්‍රේණියට ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු

ඩිප්ලෝමාධාරීන් (සිංහල/තදමළ මාධයය) පාසල් පාදකව බඳවා ගැනීම පිණිස සබරගමුව පළාත තුල ස්ථිර පදංචි

උපාධිධාරීන්ගෙන්/ ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අදාල නිවේදනය භාගත කරන්න...

I am online
අප සමඟ අමුත්තන් 4 ක් සබැදී සිටී
මුල් පිටුව සංවර්ධන අවශ්‍යතා

කාලීන පුවත් හා තොරතුරු...

EB ADMISSION CARD DOWNLOAD සංවර්ධන නිලධාරී කාර්යක්ෂමතා කඩයිම් විභාග ප්‍රවේශ පත්‍ර
සබරගමුව පළාත් පාසල් සදහා ගුරුවරුන් බඳවා ගැනීම 2018
වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ලියාපදිංචිය සදහා...

 

වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ලියාපදිංචිය සදහා...

සංවර්ධන අවශ්‍යතා

 

අවශ්‍යතා සහ යෝජනා

කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පානීය ජල අංශය හදුනාගෙන ඇති ප්‍රධාන ගැටළු කිහිපයකි.

  1. අඩු පීඩන ප්‍රදේශ පැවතීම
  2. අනවසර ජල සැපයුම
  3. පොදු කරාම මගින් ජලය අපතේ යාම

මෙම ගැටළු අවම කිරීම සදහා පහත සදහන් යොජනා ඉදිරිපත් වී ඇත.

  1. පොදු කරාම වලින් ජලය නිකුත් කිරීම විසන්ධි කර පුද්ගල ජල සම්බන්ධතා ලබා දීම
  2. අනවසර ජල සැපයුම් මාර්ග සොයා විසන්ධි කිරීම
  3. අඩු පීඩන ඇති ප්‍රදේශවලට වැඩි විශ්කම්භයක් සහිත ජල නල යෙදීම


බ්ලූමැන්ඩල් කුණු කන්ද තුලින් ප්‍රදේශයේ පරිසරයට හා සෞඛ්‍ය සංරක්ෂණයට සිදුවන අහිතකර බලපෑම්.

කොළඹ ප්‍රදේශයේ මාදමිපිටිය,මට්ටක්කුලිය,කොටහේන,බ්ලූමැන්ඩල් යන ප්‍රදේශ ආවරණය වන සේ අක්කර හතරහමාරක පමණ ප්‍රදේශයක මෙම කුණු කන්ද ස්ථානගත කොට ඇත. මෙම කුණු කන්ද අවට ජීවත් වන ජනගහනය පවුල් 5000 කට අධිකය. ප්‍රදේශයේ ස්වභාවික ජලවහන පද්ධතියට හානි වනසේ කුණු ඒකරාශී කිරීම සිදුව ඇති බැවින් වැසි ජලය නිසියාකාරව බැස නොයයි.  මේ හේතුව නිසා සුළු වර්ෂාවක දී පවා මෙම ප්‍රදේශ ජලයෙන් යටවීමේ ප්‍රවනතාවය ක්‍රමයෙන් වැඩි වන්නට පටන්ගෙන ඇත. විවිධ අපද්‍රව්‍ය මේ තුල ඒකරාශී විම නිසා මැසි මදුරු ඝනත්වය අධික වී ඇති අතර, ඒ තුලින් විවිධ වසංගත රෝගවලට මෙහි ජනතාව නිතර නිතර ගොදුරු විමේ ලක්ෂණයක් දක්නට ඇත. ප්‍රදේශය පුරා ඇති අධික දුර්ගන්ධය මෙම ප්‍රදේශයේ ජනතාව වඩවඩාත් රෝගී තත්ත්වයට පත්කොට ඇත්තේ ආශ්වාසය සඳහා පිරිසිදු වාතාශ්‍රයක් නොලැබීමේ හේතුව නිසාය.  මෙම අයහපත් තත්ත්වය ප්‍රදේශයේ කුඩා දරුවනට වඩාත් බලපෑම් ඇති කරමින් තිබෙන බව අනාවරණය වී ඇත. සමස්තයක් වශයෙන් සලකා බලනවිට කොළඹ නගරයේ සෞඛ්‍යය, පරිසරයේ සුන්දරත්වය විනාශ කරලීමට මෙම කුණු කන්ද තුලින් සිදුවන බලපෑම් අතිවිශාලය. කොළඹ පිහිටා ඇති මෙම කුණු කන්ද නිසා එහි පරිසරයට සිදුවී ඇති විනාශය ඉතා පුබලවන අතර, බලපෑම් ඇති කරනු ලබන බව ප්‍රකාශ කළ යුතුව ඇත.  වරින්වර මෙම ප්‍රදේශයේ ඇලමාර්ග අවහිර වීමෙන් නිවෙස් ජලයෙන් යටවීමේ තත්ත්වයත්, මැසිමදුරු හා වසංගත රෝග මර්ධනය හා අවම  කිරීම  සඳහාත් නගර සභාව විසින් ගනු ලබන පියවරයන් එතෙක් දුරට සාර්ථක ප්‍රතිඵල ලබාදුන්බවත් දක්නට නොමැත.එබැවින් මෙම අයහපත් තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම කුණුකන්ද මෙම ප්‍රදේශයෙන් ඉවත් කළයුතුව ඇත.  එමෙන්ම කුණු ඒකරාශී වී ඇති ඇල මාර්ග ශුද්ධ පවිත්‍රකොට ජලවහන පද්ධතිය යතා තත්ත්වයට ගෙන ඒමෙන් මෙම ප්‍රදේශයේ නිවාස ජලයෙන් යට‍වීමේ ප්‍රශ්ණයට විසදුම් සපයාගත හැක.  එමෙන්ම අපද්‍රව්‍ය චක්‍රීය කිරීම වැනි විකල්ප ක්‍රියාමාර්ග හරහා කිසියම් ප්‍රමාණයක විසදුමක් ලබාගත හැකි වුවද එය ඇතිවී ඇති ප්‍රශ්ණයට සාර්ථක පිළිතුරක් නොවන බැව් පෙන්වා දියයුතුය.  මෑතක සිට පරිසර අමාත්‍යංශයේ අවධානය මෙම කුණුකන්ද කෙරේ යොමුව තිබීම මෙහි ජනතාවගේ කිසියම් වාසනාවක් ඉස්මතුවිමක් යැයි සඳහන් කළයුතුය.

 
විශේෂ පුවත්...

මතින් නිදහස් රටක්

Image result for මතින් නිදහස් රටක්

“මතින් නිදහස් රටක්” ජාතික වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක “ගම හදා ගමු” ග්‍රාමිය වැඩසටහනේ පළමු  වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  පසුගිය  (23) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ දී  පැවැත්විණ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සියලු කටයුතු සිදු කෙරුණු අතර. ප්‍රජා පොලිස් කමිටුවල නියෝජිතයන් රැසක් ද ආරක්ෂක අංශවල මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද පාසල් ළමුන්ද මේ අවස්ථාවට සහභාගී විය

සිව්වන ජාත්‍යන්තර යෝගා දින සැමරුම ජනපති ප‍්‍රධානත්වයෙන්.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කළ සිව්වන ජාත්‍යන්තර යෝගා දින සැමරුම ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ටොරින්ටන් චතුරශ‍්‍රයේදී පැවැත්විණි.

යෝගා උපදේශකවරුන් 15 දෙනෙකු සඳහා සහතික ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා විසින් යෝගා පිළිබඳ ග‍්‍රන්ථ දෙකක් ද ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

02

08

THEME CHENGER
tmpl_ds_web_12
locetion map
Divisional Secretariat Godakawela
Address: Pelmadulla - Embilipitiya Hwy, Godakawela

Hours:

Open ⋅ Closes 4:15PM

 

ඔබේ අදහස් අපට යොමුකරන්න...