Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

HIT COUNTER
conter12
EASY LOGING
DIVISIONAL SECRETARY

sir.gif - 38.47 Kb

බී එස් ජී රුවන්සිරි

ප්‍රාදේශීය මහලේකම්

ගොඩකවෙල

නවතම නිවේදන/ගැසට්

සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාතයාංශය

සබරගමුව පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී

ලංකා ගුරු සේවයට උපාධිධාරීන් හා ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන්

(සිංහල/දෛමළ මාධ්‍ය) බඳවා ගැනීතම් තරඟ විභාගය - 2018.

සබරගමුව පළාතේ පළාත් සභාවට අයත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I(අ) ශ්‍රේණියට උපාධිධාරීන් සහ 3-I(ඇ) ශ්‍රේණියට ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු

ඩිප්ලෝමාධාරීන් (සිංහල/තදමළ මාධයය) පාසල් පාදකව බඳවා ගැනීම පිණිස සබරගමුව පළාත තුල ස්ථිර පදංචි

උපාධිධාරීන්ගෙන්/ ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අදාල නිවේදනය භාගත කරන්න...

I am online
We have 12 guests online
SL NEWS

ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක් සිදුකෙරෙන ගම් පෙරළිය වැඩසටහන ඉදිරියේදී අරඹනවා

ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක් සිදුකෙරෙන ‘ගම් පෙරළිය’ වැඩසටහන ඉදිරියේදී ආරම්භ කරන බව ජනාධිපතිතුමා පවසයි.අතිවිශාල මුදලක් වැය කරමින් සියලු ග‍්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර ග‍්‍රාමීය දුක්විඳින ජනතාවට සංවර්ධනයේ අරුණලු උදාකරදීම එහි අපේක්ෂාව බව ද ජනාධිපතිතුමා පැවසීය.මේ අතර ජනතාව දිළිඳුකමින් මුදා ගැනීම සඳහා ආරම්භ කළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ද අද සාර්ථකව දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වන බව ජනාධිපතිතුමා කියා සිටියේය.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ පොළොන්නරුව, ඕනෑගම, මැදමළුව විහාරස්ථානයේ ඊයේ (15) පස්වරුවේ පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමිනි.

2018.06.16

Home News & Events "ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන" ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

කාලීන පුවත් හා තොරතුරු...

EB ADMISSION CARD DOWNLOAD සංවර්ධන නිලධාරී කාර්යක්ෂමතා කඩයිම් විභාග ප්‍රවේශ පත්‍ර
සබරගමුව පළාත් පාසල් සදහා ගුරුවරුන් බඳවා ගැනීම 2018
වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ලියාපදිංචිය සදහා...

 

වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ලියාපදිංචිය සදහා...

"ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන" ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

"ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන" ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරනු වස් ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ මුල්ම උත්සවය ඊයේ දින  (ඔක්‌ 5) කිලිනොච්චි ඉරණමඩු ප්‍රදේශයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාද සහභාග වී සිටියහ.

ජනාධිපති තුමන්ගේ සම්ප්‍රාප්තියත් සමග සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ උත්සවය ආරම්භ වූ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේශ්වරන් මහතා පිළිගැනීමේ කථාව සිදුකරන ලදී.

පසුව උත්සවය ඇමතු ගරු ජනාධිපති තුමන් අනාගතයේ මේ රට ස්වයංපෝෂිත රටක් බවට පත්කිරීම මෙම වැඩ පිළිවෙලේ අරමුණ බවත් අද දින කිලිනොච්චියෙන් ආරම්භකරන මෙම වැඩසටහන ඉදිරියෙදී රට පුරා ක‍්‍රියාත්මක කරමින් රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලූ ආහාර, රට තුළ දීම නිෂ්පාදන කිරීම ආරම්භ කරන බවත් පැවසිය. එසේම ඉදිරි වසර 3 ඇතුළත මෙම වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීමට සියලුදෙනාම කටයුතු කලයුතු බවද මෙහිදී අවධාරණය කරන ලදී.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති තුමන්

අප පරිභෝජනය කරන මිරිස්, සෝයා, කව්පි, මුං ඇට ආදියෙන් සියයට 80 කට වැඩි ප‍්‍රමාණයක් ආනයනය කරන ආහාර වන අතර 2014 වසරේදී රුපියල් කෝටි 6000 කට වැඩි මුදලක් ආහාර ආනයනය වෙනුවෙන් වැය කර ඇති බවයි. එසේම ආහාර පාන සියල්ල වගා කළ හැකි මේ රටේ තම පරිභෝජනයට විදේශ රටවලින් ආහාර ගෙන්වීම ලැජ්ජාවට කරුණක් බවත් පැවසිය.

රජය සතු වගා නොකරන එහෙත් වගාවට යොදාගතහැකි සියළුම ඉඩම් ඉදිරියේදී ආහාර නිෂ්පාදනය සදහා යොදා ගන්නා බවත් එලෙස වගාවට නොගන්නා ඉඩම් පිළිබද අදාළ ප‍්‍රදේශයේ වගකිවයුතු නිළධාරීන්ගෙන් නිදහසට කරුණු විමසීමට අදහස් කරන බවද පැවසූ එතුමන්

පෞද්ගලික අංශය සතු ආහාර නිෂ්පාදනයට යොදා නොගෙන හිස්ව පවතින ඉඩම් තාවකාලිකව ලබාගෙන ආහාර නිෂ්පාදනය සදහා යොදවා ගැනීමට රජය කටයුතු කරන බව මෙහිදී සඳහන් කළේය. වගා කළ හැකි සෑම බිමි අගලක්ම වගා කළ යුතු බවත් කෟෂිකර්ම දෙපාර්තමේන්තුව හා ජනාධිපති කාර්යාලය පමණක් නොව සියලූ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධ කර ගනිමින් සිදු කෙරෙන මෙම ජාතික වැඩසටහනේ ගෙවතු වගාව ප‍්‍රධාන අංගයක් ව ඇති අතර තම නිවෙස් වල සුළු වශයෙන් දෛනික පරිභොජනය සදහා එළවළු හා පළතුරු වගා කිරීම සිදුකළ හැකි බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය අනතුරුව ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිතුමන්ද කුඹුරු යායට බැස ගොයම් පැල සිටුවීමේ යන්ත‍්‍රය ක‍්‍රියාත්ම කරමින් පැල සිටුවිම සිදුකරන ලදී.

යුද හමුදාව විසින් පරිහරණය කරන ලද කිලිනොච්චි සහ මුලතිව් ප‍්‍රදේශ වල පිහිටි ඉඩම් අක්කර 613 ක හිමිකම් පත‍්‍ර, මුල් පදිංච්කරුවන්ට හා අදාළ ආයතන වලට සංකේතාත්මකව ලබා දීමත්, බඩඉරිගු, මිරිස්, පොල් හා පලතුරු වගාබිමි වල වගා කටයුතු ආරම්භ කිරීමත්, එළුවන්, කිරි ගවයින්, පොල් පැළ බෙදා දීම සහ කාබනික පොහොර හදුන්වා දීමත් ඉරණමඩු ප‍්‍රදේශයේ ඉදිකෙරුණු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය විවෘත කිරීමත් ජනාධිපතිතුමා අතින් මෙහිදී සිදුකෙරිණි. අනතුරුව ජර්මානු ආධාර යටතේ ඉරණමඩු ප‍්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ද ජනාධිපතිතුමා මෙහිදී එක්විය.

උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතාගේ ඉල්ලීමකට අනුව, උතුරේ දූපත්වල වෙසෙන සිවිල් වැසියන්ට වඩාත් යහපත් සෞඛ්‍ය සේවය සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් යාත්‍රාවක් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා වෙත භාරදීමත් මෙම ජාතික උත්සවයට සමගාමිව සිදුවිය. වැලිසර, නාවික හමුදා වෙරළබඩ මුර යාත්‍රා නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය මගින් දේශීය තාක්ෂණය සහ නාවික හමුදා නව්‍යකරණ හැකියාවන් භාවිතා කරමින් නිෂ්පාදිත මෙම ගිලන් යාත්‍රාව දිගින් අඩි 45.5 වන අතර එකවර රෝගීන් 15 දෙනෙකු හට ප්‍රවාහන පහසුකම් සැලසිය හැකිවේ. ගිලන් ඇඳන් තුනකින් ද, ඔක්සිජන් සිලින්ඩර් දෙකකින් ද, එන්නත් නික්ෂේපන ආධාරකවලින් ද, රුධිර පීඩනය මැනීමේ උපකරණ සහ රෝගී තත්ව නිරීක්ෂණය කිරීමේ උපකරණ පද්ධතියකින්ද සමන්විත මෙම යාත්‍රාව නිෂ්පාදනය සඳහා නාවික හමුදාව රුපියල් මිලියන 37ක පිරිවැයක් දරා ඇත. රළු මුහුදු තත්වයන් යටතේ ගමන් කිරීමේදී වුවද රෝගීන් හට සිදුවන අපහසුතා අවම වන පරිදි මෙම යාත්‍රාව විශේෂිතව නිෂ්පාදනය කර ඇත. ඒ අනුව මෙම ගිලන් යාත්‍රාව මගින් කඩිනම් ප්‍රතිකාර අවශ්‍යතා ඇති උතුරු ප්‍රදේශයේ දූපත් වල වෙසෙන ජනතාවට ඉතා ඉක්මනින් ප්‍රධාන රෝහල් කරා ගමන් කිරීමට උපකාරී වනු ඇත.

මෙම අවස්ථාවට උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, ඩී.ඒ. ස්වාමීනාදන්, අර්ජුණ රණතුංග, නවීන් දිසානායක, රවුෆ් හකීම්, මහින්ද සමරසිංහ, පී. හැරිසන්, පෝන් අමරතුංග, අසාද් සාලි, විජිත් විජයමුණි සොයිසා, මහින්ද අමරවීර, විජයකලා මහේෂ්වරන්, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්ම මහත්මීන් ද, මහජන නියෝජිතයින්, නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 
විශේෂ පුවත්...

මතින් නිදහස් රටක්

Image result for මතින් නිදහස් රටක්

“මතින් නිදහස් රටක්” ජාතික වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක “ගම හදා ගමු” ග්‍රාමිය වැඩසටහනේ පළමු  වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  පසුගිය  (23) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ දී  පැවැත්විණ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සියලු කටයුතු සිදු කෙරුණු අතර. ප්‍රජා පොලිස් කමිටුවල නියෝජිතයන් රැසක් ද ආරක්ෂක අංශවල මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද පාසල් ළමුන්ද මේ අවස්ථාවට සහභාගී විය

සිව්වන ජාත්‍යන්තර යෝගා දින සැමරුම ජනපති ප‍්‍රධානත්වයෙන්.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කළ සිව්වන ජාත්‍යන්තර යෝගා දින සැමරුම ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ටොරින්ටන් චතුරශ‍්‍රයේදී පැවැත්විණි.

යෝගා උපදේශකවරුන් 15 දෙනෙකු සඳහා සහතික ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා විසින් යෝගා පිළිබඳ ග‍්‍රන්ථ දෙකක් ද ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

02

08

THEME CHENGER
tmpl_ds_web_12
locetion map
Divisional Secretariat Godakawela
Address: Pelmadulla - Embilipitiya Hwy, Godakawela

Hours:

Open ⋅ Closes 4:15PM

 

ඔබේ අදහස් අපට යොමුකරන්න...