අපගේ දැක්ම
අපේක්ෂිත සේවාවන් කාර්යක්ෂමව හා ඵලදායීව සැපයීම මගින්,ප්රදේශය තුළ සංවර්ධිත,යහපත් සමාජ ආර්ථික හා සංස්කෘතික පරිසරයක් සහතික කිරීම...අපගේ මෙහෙවර
රාජ්ය ප්රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම,තිරසාර,සැලසුම්ගත සංවර්ධන ක්රියාවලියක් තුලින් ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජන ජීවිතය නංවාලීම...අප ගැන
- සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්රික්කයේ දකුණු දෙසට වන්නට පිහිටි ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය රක්වාන මැතිවරණ කොට්ඨාසයට අයත් වර්ග සැතපුම් 66.09 අක්කර 42300 ක භූමි ප්රදේශයකි. පරිපාලන වශයෙන් ඕපනායක ප්රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද දකුණු දිගින් කොළොන්න ප්රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද බස්නාහිරින් කහවත්ත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද නැගෙනහිරින් වැලිගෙපල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද මායිම් වී ඇත.
භූ විෂමතාවය
කොට්ඨාසයේ සාමාන්ය උස ප්රමාණය අඩි 1000 ක පමණ සිට අඩි 4000 ක් පමණ දක්වා විහිදී යයි. සිය උතුරු මායිමෙන් අඩි 1000 ත් 1500 ත් අතර උසකින් ඇරඹි රක්වාන ගංගා නිම්නයේදී උස අඩි 700 ක් දක්වා පහළ බසින අතර නැවත දකුණු දෙසට වන විට අඩි 4000ක් ඉක්මවා ඉහළ යන භූ විෂමතාවයක් දක්නට ඇත. නිරිත දිගින් පිහිටි කරඹගල අඩි 4328ක උසකින් යුක්ත වේ.
දේශගුණය
මෙම කොට්ඨාසයේ වාර්ෂික වර්ෂාපතනය අගල් 75ට වැඩි වේ. විවිධ පාරිසරික කලාප දක්නට ලැබෙන මෙම කොට්ඨාසයේ තෙත් වියළි අන්තර් කලාපීය දේශගුණික ලක්ෂණ දක්නට ලැබේ.
පස
මෙම බල ප්රදේශය අතර මැදි උෂ්ණත්වයකින් යුත් උස් කදු බිම්වලින් සමන්විත ප්රදේශයක් නිසා රතු දුඹුරු ලැටරයිට් පසකුත්, එතරම් පරිනත නොවූ දුඹුරු ලෝම පසකුත් දක්නට ලැබේ. ගොඩකවෙල හා ඉන් නැගෙනහිර ප්රදේශයේ දුඹුරු ලෝම පසක් දැකිය හැකිය.
ජලවහණය
මාදම්පේ සිට තිඹුල්කැටිය දක්වා විහිදෙන මාර්ගයෙන් දකුණට වන්නට පිහිටිs ප්රදේශයේ ජලවහනය ප්රධාන වශයෙන් සකස් වී තිබෙන්නේ හදපාන් ඇල්ල ආශ්රිත ප්රදේශයෙන් සහ කරඹගල ප්රදේශයේ පැන නගින දිය අතුවලින් ඇරඹි අතු ගංගාවලින් පෝෂණය වෙමින් ගලා බසිනා රක්වාන ගගේ ජලවහන රටාව අනුවයි. මෙම ග්රාමිය ජලවහන රටාවක ස්වරූපය උසුලයි. මාකඳුර සහ වැල්කෙනියාය ප්රදේශය ආශ්රිතව ගලා බසිනා තරමක විශාල දිය පහරවල් දෙකක්ද, සෙසු ප්රදේශවල තැනින් තැන ගලා බසිනා කුඩා දිය පාරවල්ද මෙම ප්රදේශයේ ජලවහනය සකස් වීමට උපකාරී වී ඇත.
ස්වාභාවික වෘක්ෂලතා
මෙම ප්රදේශයට දේශගුණික ලක්ෂණවලට අනුව ස්වාභාවික වෘක්ෂලතා තීරණය වී ඇත. තෙත් කළාපීය වෘක්ෂලතා ප්රදේශයේ වැඩි කොටසක දක්නට ලැබේ. රක්වාන ගගෙන් උතුරට පිහිටි ගොඩකවෙල, පල්ලෙගම, නියංගම යන ප්රදේශවලින් නැගෙනහිරට වන්නට පිහිටි ප්රදේශයේ තෙත් කලාපීය මෙන්ම වියළි කලාපීය ශාක මිශ්රිතව දක්නට ලැබේ. මාකඳුර බිම් කිහිපයක හැරුණු කොට අනෙකුත් ප්රදේශවල ස්වාභාවික වෘක්ෂලතා දක්නට නොමැත. ජනාවාස ඉදිවීම, පාරිභෝගික කෘෂිකර්මය හා වතු කෘෂිකර්මය නිසා ස්වාභාවික වෘක්ෂලතා විනාශ වී ඇත.
පරිපාලන බෙදීම
ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය ග්රාම නිලධාරී වසම් 44 කින් ආවරණය වන ගම් 170 කින් සමන්විතයි. මෙම කොට්ඨාසය ඇඹිලිපිටිය, බලංගොඩ දිස්ත්රික් අධිකරණ බල ප්රදේශවලට හා රක්වාන මැතිවරණ කොට්ඨාසයට අයත් වේ. පළාත් පාලන ආයතනය ගොඩකවෙල ප්රාදේශීය සභාව වන අතර උප කාර්යාලය රක්වානේ පිහිටා ඇත. සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාසය ගොඩකවෙල වන අතර පොලිස් බල ප්රදේශය ගොඩකවෙල, රක්වාන හා කහවත්ත යන පොලිස් බල ප්රදේශවලට ව්යාප්ත වේ.
ජනගහනය
2019 වර්ෂයේ කොට්ඨාසය තුළ පදිංචිව සිටි මුළු පවුල් සංඛ්යාව 23248ක් හා නිවාස සංඛ්යාව 22265 ක් වන අතර ජනගහනය 86305 ක් වේ. ජනගහනයෙක් 78%ක් සිංහල ජනගහනය වන අතර 9.7% ශ්රි ලංකා දෙමළ වන අතර 8.1% ඉංදියා දෙමළ වන අතර මුස්ලිම් ජනගහනය 4.1% ක් බර්ගර් 0.07% ක් හා මැලේ 0.005% වෙනත් ජනගහනයෙන් යුක්ත වේ.
1991 වසරේ සිට සේවය කල ප්රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| ජේ.ජී.ඒ.විජයදාස මයා | 1991.01.01 | 1991.05.15 |
| ජේ.ඒ.රංජීත් මයා | 1991.05.16 | 1992.12.31 |
| ඊ.ජී.චන්ද්රරත්න මයා | 1993.01.01 | 1996.04.30 |
| ඕ.ඩබ්.ජයසිරි මයා | 1996.05.01 | 2006.10.10 |
| ගුණරත්න එදිරිසිංහ මයා | 2006.10.11 | 2009.10.28 |
| එච්.ඩබ්.සිසිර මයා | 2009.11.01 | 2013.01.31 |
| බී.එස්.ජී.රුවන්සිරි මයා | 2013.02.01 | 2018.10.31 |
| ඩී.පී.ජී.රේණුකා මිය | 2018.11.01 | 2021. |
| කේ.එල්.ඩී.අසේල මයා | 2021 | 2022 |
| ජී.එල්.ඩබ්.ඒ.ප්රතිභා මිය | 2022.07.20 | මේ දක්වා |















