ප්රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්ර/ බලපත්ර නිකුත් කිරීම
සහතික පත්ර නිකුත් කිරීම
විශ්රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
Local News
Divisional Hot News & Notice
රාජ්ය සේවා ස්ථාන
මුල් පිටුව
අභ්යන්තර කටයුතු ඒකකය (IAU)
ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලය සඳහා අභ්යන්තර කටයුතු ඒකකයක්!
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව, ශ්රී ලංකා ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව යන ආයතන එක්ව ආරම්භ කරන ලද "සියලුම රාජ්ය ආයතන තුළ අභ්යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කිරීමේ නව ක්රියා පටිපාටියට" අනුව, අපගේ ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළ ද අභ්යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කර ඇත.
ඒ අනුව, අපගේ ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළ සිදුවන යම් අක්රමිකතාවක්, දූෂණයක් හෝ ඒ සම්බන්ධ චෝදනාවක් පිළිබඳව ඔබ දැනුවත් නම්, පහත සඳහන් ක්රම ඔස්සේ ඔබේ අනන්යතාව හෙළි නොකර හෝ හෙළි කරමින්, එම තොරතුරු හෝ පැමිණිලි අප කාර්යාල පරිශ්රයේ පිහිටි අභ්යන්තර කටයුතු ඒකකය වෙත යොමු කළ හැකිය:
ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ ස්ථාපිත පැමිණිලි පෙට්ටිය වෙත තොරතුරු/පැමිණිලි යොමු කිරීම.
තැපැල් මගින් යොමු කිරීම: "අභ්යන්තර කටයුතු ඒකකය", ප්රාදේශීය ලේකම් කාර්යාලය, ගොඩකවෙල.
විද්යුත් තැපැල් (Email) ලිපිනය හරහා දැනුම් දීම: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දුරකථන අංක හරහා දැනුම් දීම: 0452240338 / 0452240238
WhatsApp අංකය හරහා දැනුම් දීම: 0710834496
QR කේතය (QR Code) හරහා දැනුම් දීම.

ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය වෙත දූෂණයෙන් තොර, අවංක රාජ්ය සේවාවක් ලබා දීම අපගේ අරමුණයි!















රෝහල්
පාසල්
තැපැල් කාර්යාල

