ටැම්පිට විහාරය - ගොඩකවෙල
රත්නපුර දිස්ත්රික්කයේ ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොඩකවෙල ග්රාම නිලධාරි වසමේ පිහිටි ස්ථානයකි. රත්නපුර ඇඹිලිපිටිය ප්රධාන මාර්ගයේ ගොඩකවෙල නගර මධ්යයේ පිහිටි මෙම විහාරස්ථානය ආගමික හා ඓතිහාසික වටිනාකමකින් යුත් පුදබිමකි
ක්රි.ව 1747 දි කිර්ති ශ්රී රාජසිංහ රජුගේ නියමයෙන් සබරගමුවේ පාලන කටයතු මෙහෙයවු දුම්බර මීගස්තැන්නේ අධිකාරම් නිර්මාණය කල ටැම්පිට විහාරයකින් මෙම විහාරස්ථානය සමන්විතය. ගොඩකවෙල ටැම්පිට පිළිමගෙය පිටතට දෙමහල්පායක් ලෙස පෙනුනද එය තනිමහලේ ගොඩනැගිල්ලකි. දෙමහල් බව පෙනෙන්නේ බිත්තිය සහ මහලය කොටස් දෙකකට නිර්මාණය කර ඇති හෙයිනි. මෙය පිළිමගෙය දිගින් අඩි 22ක්ද පළලින් අඩි 17.3 කින් යුක්ත වේ. මෙය ඉදිකිරීමේදී නා කොස් වැනි දැව භාවිතා කර ඇත.
අනෙකුත් විහාරස්ථානය හා සමානව මෙම විහාරය තුළ බෝධිය විහාරගෙය වැනි අනෙකුත් අංග වලින්ද සමන්විත වී ඇත. එම විහාරාංග අතරින් විහාරයට ප්රවිශ්ට වීමේදී හමුවන සතර දෙවිවරු සහිත මකර තොරන මෙන්ම සබරගමුවට අධිපති ලෙස සැලකෙන සමන් දේව ප්රථිමාවක්ද මෙම විහාරස්ථානය තුළ දැකගත හැකි සුවිශේෂි අංග වේ.
මූලාශ:- සබරගමු වංශ කතාව, සබරගමු පළාත් සභාව
Location:- https://goo.gl/maps/wUNF2rL6prLXgh3r8
මල්වැස්සා වෙහෙර ගොඩකවෙල
රත්නපුර දිස්ත්රික්කයේ ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයට අයත් නැගෙනහිර බිබිලේගම ග්රාම නිලධාරි වසමට අයත් ක්රි.පු 2 වන සියවසට අයත් විහාරස්ථානය ලෙස මල්වරුසා වෙහෙර හෙවත් මල්වැස්සා වෙහෙර දැක්විය හැක. රත්නපුර දිස්ත්රික්කයේ ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයට අයත් නැගෙනහිර බිබිලේගම ග්රාම නිලධාරි වසමට අයත් ක්රි.පු 2 වන සියවසට අයත් විහාරස්ථානය ලෙස මල්වරුසා වෙහෙර හෙවත් මල්වැස්සා වෙහෙර දැක්විය හැක. රත්නපුර ඇඹිලිපිටිය ප්රධාන මාර්ගයේ ගොඩකවෙල නගර පසුකර මීටර් 500 ක පමන දුරින් ඇති බිබිලේගම මාර්ගයේ 2 කි.මී පමණ දුරින් මෙම විහාරස්ථානය පිහිටා ඇත. මෙහි දැනට පුරාවිද්යාත්මක වටිනාකමකින් යුත් ශෛලමය බුද්ධ ප්රථිමාවහන්සේ නමක් හා විවිධ ශෛලමය නිර්මාණයන් රැසක් දැකගත හැකිය.මෙම පුදබිමෙහි සුවිශේෂිත්වය වන්නේ ජයශ්රීමහා බෝධියේ හටගත් දෙතිස්ඵල අංකුර ශාඛාවක් මෙහි රෝපනය කර ඇති නිසාවෙනි.
මූලාශ:- සබරගමු වංශ කතාව, සබරගමු පළාත් සභාව
Location:- https://goo.gl/maps/2W5AY8EMgxinMc656
මැද්දේගම පුරාණ විහාරය
ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ මැද්දේගම ග්රාම නිලධාරි වසමේ පිහිටි ඉතාමත් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථානයකි. මෙම විහාරස්ථානයට පිවිසෙන ඔබට ගොඩකවෙල නගරය මධ්යයෙන් ඇති බිබිලේගම මාර්ගයේ 2 කි.මි පැමිණ මෙම විහාරස්ථානයට ලගා විය හැක.ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ මැද්දේගම ග්රාම නිලධාරි වසමේ පිහිටි ඉතාමත් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථානයකි. මෙම විහාරස්ථානයට පිවිසෙන ඔබට ගොඩකවෙල නගරය මධ්යයෙන් ඇති බිබිලේගම මාර්ගයේ 2 කි.මි පැමිණ මෙම විහාරස්ථානයට ලගා විය හැක.මෙහි ඉතිහාසය අනුරාධපුර රාජධානිසමයේ දේවානම්පියතිස්ස රාජ්ය පාලන කාලය දක්වා දිව යයි. මෙම විහාරස්ථානය අවසන් වරට ප්රතිසංස්කරණය කරන ලද්දේ මහනුවර යුගයට අයත් රාජාධිරාජසිංහ රජු විසින් ක්රි.පු 1786 දීය.
මූලාශ:- සබරගමු වංශ කතාව, සබරගමු පළාත් සභාව
Location:- https://goo.gl/maps/8vpSVBofTX7z5XaN7
ඇත්තලවත්ත පුරාණ විහාරය
ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ කවුඩුවාව ග්රාම නිලධාරි වසමේ පිහිටි පුරාණ රජමහ විහාරයක් ලෙස මෙම විහාරස්ථානය දැක්විය හැකිය. මෙය රත්නපුර ඇඹිලිපිටිය ප්රධාන මාර්ගයේ මාදම්පේ මංසන්දියේ සිට ගොඩකවෙල දෙසට පැමිනීමේදී හමුවන කවුඩුවාව ප්රදේශයෙන් හමුවන අතුරු මාර්ගය ඔස්සේ 1 කි.මි පමණ සුර පැමිනීමෙන් මෙම ස්ථානයට ලගාවිය හැකිය.ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ කවුඩුවාව ග්රාම නිලධාරි වසමේ පිහිටි පුරාණ රජමහ විහාරයක් ලෙස මෙම විහාරස්ථානය දැක්විය හැකිය.
මෙහි ඉතිහාසය පිළිබද විමසීමේදී මහනුවර රාජධානි සමයේ අවසන් කාලසීමාව දක්වා දිවයන බවට සාධක හමුවී ඇත. ඒ අනුව මහනුවර පාලනය මෙහෙයවු ශ්රී වික්රම රාජසිංහ රජුගේ මෙම ප්රදේශය ආශ්රිතව ක්රියාත්මක වූ ඇත්හලක් පිළිබද තොරතුරු හමුවේ. ඒ අනුව සබරගමු පළාතේ පිහිටි පනාමුර වැනි වනගත ප්රදේශවලින් අල්ලාගන්නා ලද ඇතුන් හීලෑ කිරීමට හා ගාල් කිරීමට මෙම ඇත්හල භාවිතා කල බවට සාධක හමුවී ඇත. ඒ අනුව ශ්රී වික්රම රාජසිංහ රජු සදහා මෙම ඇත්හල අසල ඉදිකල මෙම විහාරය ඇත්හලවත්ත විහාරස්ථනය නමින් සමාජගතවු බවට ඇත්තලවත්ත පුරාණ විහාර තුඩපතේ සදහන්වී ඇත.
මූලාශ- සබරගමුවේ පැරණි ලියවිලි,කිරිඇල්ලේ ඥානවිමල හිමි
Location:- https://goo.gl/maps/TVGQSRYqF2g6skX19
ගල්ලනේගොඩ රජමහා විහාරය
අනුරාධපුර රාජධානිසමයේ වලගම්බා රාජ්ය යුගයේ නියෝජනය කරන ඉතාමත් වටිනාකමකින් යුත් විහාරස්ථානයක ලෙස ගල්ලෙන්ගොඩ රජමහා විහාරය වැදගත් වේ. මෙය ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාරගල ග්රාම නිලධාරි වසමේ කදුගැටයක් මත ඉතා රමණිය ප්රදේශක පිහිටා ඇත.
මෙම ස්ථානයට ලගාවෙන ඔබට රත්නපුර ඇඹිලිපිටයි මාර්ගයේ 1 කි.මි පමණ දුර පැමිණිමෙන් මෙම ස්ථානයට ලගාවිය හැකිය. මෙම විහාරස්ථානය ඇති සුවිශේෂි ලක්ෂණයක් වන්නේ මෙහි ඇති පිළිමගෙය නිර්මාණය කිරීමට යොදාගත් මුලාශය වන්නේ කටාරම් සහිත ඉපැරණි ගල්ලෙනකි.
Location:- https://goo.gl/maps/hqNFJr7CGsExVCQD6
මූලාශ:- සබරගමු වංශ කතාව, සබරගමු පළාත් සභාව
මාකදුර වේහැල්ලක මුදලින්දාරාම පුරාණ විහාරය.
ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාකදුර ග්රාම නිලධාරි වසමට අයත් මුදලින්දාරාම පුරාණ විහාරය මාකදුර වලව්වට නුදුරින් පිහිටා ඇත. මාකදුරේ ධර්මාලාංකාර මුදලි පෙලපතේ නොමද අනුග්රහය ලැබූ මෙම විහාරස්ථානය පෞරාණික වටිනාකමකින් යුත් විහාරමන්දිරයකින් සමන්විත වේ.
රත්නපුර ඇඹිලිපිටිය ප්රධාන මාර්ගයේ මාදම්පේ මංසන්දියෙන් මාකදුර මාර්ගයේ පැමිණිමේන මෙම විහාරස්ථානයට පිවිසිය හැකිය.
Location:- https://goo.gl/maps/SvGvWGWMhbuecVz67
Your text...
ශාන්ත අන්තෝනි දේවස්ථානය - රක්වාන
ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ රක්වාන නගර ග්රාම නිලධාරි වසමේ පිහිටි මෙම දේවස්ථානය ක්රි.ව 1897 දී ඉතාලි ජාතික පූජකවරුන් විසින් ඉදිකර ඇති මෙම දේවස්ථානය ශාන්ත අන්තෝනි මුනිදුට කැපකර ඇත.
Location:- https://goo.gl/maps/aVrDCZ9Ewx1gcs3u5

ශාන්ත ජොන් බැෆිස්ටස් දේවස්ථානය-රක්වාන
ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ රක්වාන නගර ග්රාම නිලධාරි වසමේ පිහිටි මෙම දේවස්ථානය බ්රිතාන්ය ජාතික වැවිලිකරුවන් විසින් ක්රි.ව 1887 දී ගොඩනගා ඇත.මෙහි වැරන්ඩාව කි.ව 1902 දී නිර්මාණය කර ඇත.සීනුව සහිත කුළුණ ගල් භාවිතයෙන් ඉදිකර ඇත.
මෙම දේවස්ථානය සතු සුවිශේෂී අංග ලෙස බ්රිතාන්ය වැවිලිකරුවන්ගේ සොහොන් කොත් හා බව්තිස්ම කිරීම සදහා භාවිතා කරනු ලබන ශෙලමය භාජනය දැක්විය හැක.
මූලාශ්ර-
Location:- https://goo.gl/maps/miAVXw2ztXyiGa4D6




ශ්රී මුත්තු මාරි අම්මාන් දේවස්ථානය- රක්වාන
Location:- https://goo.gl/maps/Ptj5A8btzfFYMG9m7















