ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා අභ්‍යන්තර කටයුතු ඒකකයක්!


2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව, ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව යන ආයතන එක්ව ආරම්භ කරන ලද "සියලුම රාජ්‍ය ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කිරීමේ නව ක්‍රියා පටිපාටියට" අනුව, අපගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ද අභ්‍යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව, අපගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ සිදුවන යම් අක්‍රමිකතාවක්, දූෂණයක් හෝ ඒ සම්බන්ධ චෝදනාවක් පිළිබඳව ඔබ දැනුවත් නම්, පහත සඳහන් ක්‍රම ඔස්සේ ඔබේ අනන්‍යතාව හෙළි නොකර හෝ හෙළි කරමින්, එම තොරතුරු හෝ පැමිණිලි අප කාර්යාල පරිශ්‍රයේ පිහිටි අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත යොමු කළ හැකිය:

ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත පැමිණිලි පෙට්ටිය වෙත තොරතුරු/පැමිණිලි යොමු කිරීම.

තැපැල් මගින් යොමු කිරීම: "අභ්‍යන්තර කටයුතු ඒකකය", ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොඩකවෙල.

විද්‍යුත් තැපැල් (Email) ලිපිනය හරහා දැනුම් දීම: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

දුරකථන අංක හරහා දැනුම් දීම: 0452240338 / 0452240238

WhatsApp අංකය හරහා දැනුම් දීම: 0710834496


    QR කේතය (QR Code) හරහා දැනුම් දීම.


   

iau qr 8TX7W1

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙත දූෂණයෙන් තොර, අවංක රාජ්‍ය සේවාවක් ලබා දීම අපගේ අරමුණයි!

news &Events

2026 New Years

ජනවාරි 13 2023
2026 New Years

ගොඩකවෙල කොට්ඨාශයේ විහාරස්ථානයන්හි ගරුතර මහාසංඝරත්නයේ ආශිර්වාදයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් අචිනි ප්‍රතිභා මහත්මිය ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලය මහජන සේවය සඳහා කැපවෙන බවට ප්‍රතිඥා දෙමින් 2025 වර්ෂයේ රාජකාරි ආරම්භ කරන ලදී.  ...

ශ්‍රී පාද වන්දනා චාරිකාව

ජනවාරි 13 2023
ශ්‍රී පාද වන්දනා චාරිකාව

ශ්‍රී පාදස්ථානය උදෙසො වාර්ෂික සිදුකරනු ලබන දානමය පුන්‍ය කටයුත්ත කාර්යාලීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2023.01.08 හා 09 දිනයන්හිදි පවත්වන ලදී.        

« »
Scroll To Top