වැඩසටහන් සාරාංශය
1.සහනාධාර වැඩසටහන:-
මේ යටතේ අඩුආදායම්ලාභී පවුල් සදහා මසකට රු.3500/- ,රු.2500/- රු.1500/- , රු.420/- වටිනාකමින් යුතු සහනාධාර නිකුත් කර ඇත.
2.සමාජ ආරක්ෂණ වැඩසටහන:-
සමෘද්ධි ප්රතිලාභීන්ගේ පවුල්වල සිදුවන දරු උපත්,විවාහ,මරණ,රෝහල් ගාස්තු සදහා රක්ෂණ ප්රතිලාභ ගෙවනු ලබන වැඩසටහන සමාජ ආරක්ෂණ වැඩසටහන ලෙස හදුන්වයි.
3.සමෘද්ධි බැංකු වැඩසටහන:-
අඩු ආදායම්ලාභීන්ගේ තැන්පතු භාරගැනීම,අඩු පොළියට ණය ලබාදීම ආදී මූල්යමය අවශ්යතා ඉටුකිරීම සමෘද්ධි බැංකු වැඩසටහනේ අපේක්ෂාවයි.මෙමගින් සමෘද්ධි ලාභීන්ගේ ආර්ථික මට්ටම ඉහල නැංවී ඇත.
4.නිවාස ලොතරැයි වැඩසටහන:-
සමෘද්ධිලාභීන්ගේ නිවාස ඉදිකිරීම සදහා රු.200000.00 ක මුදලක් ලබාදෙන අතර,ඒ සදහා ප්රතිලාභීන් තෝරාගනු ලබන්නේ ලොතරැයි දිනුම් ඇදීමක් මගිනි.
5.සමාජ සංවර්ධන වැඩසටහන:-
සමෘද්ධි සහනාධාරලාභී පවුල්වල දරුවන්ගේ අධ්යාපන අවශ්යතා,නිවාස ඉදිකිරීම,මත්ද්රව්ය නිවාරණ වැඩසටහන්,ප්රතිලාභීන් දැනුවත් කිරීමේ ආදී සමාජ සුභ සාධන වැඩසටහන් කරනු ලබයි.
6.ජීවනෝපාය සංවර්ධන වැඩසටහන:-
අඩුආදායම්ලාභී පවුල්වල ආදායම් තත්වය නගා සිටුවීම සදහා අවශ්ය යන්ත්රසූත්ර,උපකරණ ලබාදීම,පුහුණු වැඩසටහන් ලබාදීම මෙම වැඩසටහන මගින් සිදුකෙරේ.















